ඉන්දියාවට ලකුණු දෙකක (DLS) ජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(18) පැවැති පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු දෙකක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඩබ්ලින් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ජස්ප්‍රිට් බුම්රා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නා. ආබාධවලට ලක්ව සිටි බුම්රා වසරකට ආසන්න කාලයකට පසුව ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය මෙයයි.

ඉන්දියාවේ ඇරයුමෙන් පිටියට පිවිසි අයර්ලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 139 ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම බුම්රා විසින් කඩුලු 2 ක් දවා ගැනීම කැපී පෙනුණා. එහිදී දැවී ගියේ ලකුණු 4 ක් ලබා සිටි ඇන්ඩි බල්බර්නි හා ලකුණු නොලබා සිටි ලෝකන් ටකර්.

හැරී ටෙක්ටර් ලකුණු 9කටත්, පෝල් ස්ටර්ලින් ලකුණු 11 කටත් දැවී ගියා. ජෝර්ජ් ඩොක්‍රෙල් රැස් කළේ එක් ලකුණක් පමණයි. මාර්ක් අඩයර් ලකුණු 16 ක් ලබා ගත්තා.

අයර්ලන්තය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය Barry McCarthy පන්දු 33 කින් ලකුණු 51 ක් නොදැවී රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්. කර්ටිස් කැම්පර් පන්දු 33 කින් ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 24 කට කඩුලු 2 ක් ද, මෙම තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනූ ප්‍රසිද් ක්‍රිෂ්නා ලකුණු 32 කට කඩුලු 2 ක් ද, රවී බිෂ්නෝයි ලකුණු 23 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ඉනිම පන්දුවාර 6.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු  47 ක් ලෙස සටහන්ව තිබියදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණා.

ඒ අනුවයි මෙම තරගයෙන් ඉන්දියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු දෙකක ජයක් හිමි වුණේ.

යශස්වි ජයිස්වාල් ලකුණු 24 ක් හා රුටුරාජ් ගයික්වඩ් නොදැවී ලකුණු 19 ක් රැස් කළා. තිලක් වර්මා පළමු පන්දුවෙන්ම දැවී ගියා. දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ ක්‍රෙයිග් යන්ග්.

මෙම තරගයේ දී රින්කු සිං ද ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 වරම් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...