වනිදුගේ කඩුලු 6 හා හැරිස්ගේ 79 හමුවේ LPL ශූර ජැෆ්නා කිංග්ස් තරගාවලියෙන් ඉවතට

Date:

මොහමඩ් හැරිස්ගේ විශිෂ්ඨ ඉනිම හා වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 61 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

ඒ අනුව පසුගිය තරගාවලි ත්‍රිත්වයේම ශූරතාවය දිනූ කිංග්ස් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, කැන්ඩි කණ්ඩායම එළඹෙන 19 වැනිදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.

මොහමඩ් හැරිස් පන්දු 49 කින් ලකුණු 79 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8ක් සමගින්. දිනේෂ් චන්දිමාල් ලකුණු 41(24) යි.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 40 ක් ලබා දෙමින්. මහීෂ් තීක්ෂණ හා අසේල ගුණරත්න කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 17.2 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණයි.

ෂොයිබ් මලික් ලකුණු 31ක්, ඩේවිඩ් මිලර් ලකුණු 26 ක් රැස් කළා. ක්‍රිස් ලින් හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 19 බැගින් ලබා ගත්තා.

එල්.පී.එල් ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ වනිදු හසරංග පන්දුවාර 3.2 ක් තුළ ලකුණු 9කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...