පෙරේරා හා මෙන්ඩිස් දඹුල්ල අවසන් මහා තරගයට රැගෙන යයි

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 24(14) කට දවා ගැනීමට ශකිබ් අල් හසාන් සමත් වූ අතර, සධීර සමරවික්‍රම ලකුණු 13(15) කට දැවී ගියේ සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 56 කින් ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක කුසල් මෙන්ඩිස් හා කුසල් පෙරේරා සමත් වුණා.

මෙන්ඩිස් පන්දු 45 කින් ලකුණු 49 ක් ලබා සිටියදී ටබ්රයිස් ශම්සිගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.

අද දිනයේ දී සිය 33 වැනි උපන් දිනය සමරන කුසල් පෙරේරා පන්දු 39 කින් ලකුණු 53 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය අසළටම රැගෙන ගියා. තරගය ජය ගැනීමට එක් ලකුණක් ඉතිරිව තිබියදීයි ඔහු දසුන් ශානකගේ පන්දුවක් හමුවේ දැවී ගියේ. පෙරේරාගේ ඉනිම හයේ පහර 3 කින් හා හතරේ පහර 4 කින් වර්ණවත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාලු පිල වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වූයේ ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ. ඔහු පන්දු 61 කින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 80 ක් ලබා ගත්තා. ශකිබ් අල් හසාන් ලකුණු 19 යි. ලහිරු සමරකෝන් ලකුණු 15කටත්, දසුන් ශානක ලකුණු 12 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී හෙයිඩන් කර් ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා. නූර් අහ්මඩ් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 27 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...