LPL අවසන් වටය අදින් ඇරඹේ

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (17) ආරම්භ වනවා.

අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගත් දඹුල්ල අවුරා කණ්ඩායම හා දෙවැනි ස්ථානය දිනා ගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි.

එම තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

රාත්‍රී 7.30ට ආරම්භ වන අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය සදහා ක්‍රීඩා කරන්නේ බී-ලව් කැන්ඩි කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

මූලික වටයේ දී එම කණ්ඩායම් දෙක පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන හිමි කර ගත්තා.

Qualifier 1 තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා. පරාජයට පත් වන කණ්ඩායම Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයේ දී තරග වැදීමට නියමිතයි.

Qualifier 2 තරගය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, Qualifier 2 හා අවසන් මහා තරගය රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...