නවසීලන්තයට එරෙහි එමීර් සංචිතය නිවේදනය කෙරේ

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචිතය නම් කර තිබෙනවා.

Muhammad Waseem ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඔහු 20යි 20 ජාතික කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව බවට මෙම තරගාවලිය පත් වනු ඇති.

සංචිතය සදහා Asif Khan ද නම් කර ඇති අතර, ඒ අනුව ඔහු නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.

ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 9 වැනි ස්ථානය තේරීම් තරගයේ දී ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව පන්දු 145 කින් නොදැවී ලකුණු 151 ක් රැස් කිරීමට සමත් වුණා.

පසුගිය මාර්තු මාසයේ දී Asif Khan නේපාලයට එරෙහිව පන්දු 45 කින් නොදැවී ලකුණු 102 ක් ද වාර්තා කළා. එය එක්දින ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ සිව්වැනි වේගවත්ම ශතකයයි. එමෙන්ම එය අයි.සී.සී පූර්ණ සාමාජික නොවන රටක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ද වනවා.

අනතුරුව සති දෙකකින් පසුව ඔහු ඇමෙරිකාවට එරෙහිව පන්දු 84 කින් ලකුණු 103 ක් ද වාර්තා කිරීමට සමත් වුණා.

එමීර් සංචිතය සදහා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 22 හැවිරිදි Mohammed Faraazuddin හා 19 හැවිරිදි Jash Giyanani ඇතුළත් කර තිබෙනවා.

Chundangapoyil Rizwan, Rohan Mustafa හා Karthik Meiyappan සංචිතය සදහා නම් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අද(17) ඩුබායි හී දී ආරම්භ වනවා.

UAE Squad:

Muhammad Waseem (c), Ali Naseer, Ansh Tandon, Aryansh Sharma, Asif Khan, Aayan Afzal Khan, Basil Hameed, Ethan D’Souza, Mohammed Faraazuddin, Jash Giyanani, Junaid Siddique, Lovepreet Singh, Mohammad Jawadullah, Sanchit Sharma, Vriitya Aravind, Zahoor Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...