පැතුම්, නිපුන් හා පන්දු යවන්නන් කොළඹ හා යාපනයේ බලාපොරොත්තු රැක දෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.

[team_standings 49368]

 

බාබර් අසාම් ලකුණු 9යි. පැතුම් නිස්සංක පන්දු 38 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 4 ක් සමගින්. නිපුන් ධනංජය පන්දු 29 කින් ලකුණු 40 ක් ලබා ගත්තා. හයේ පහර 3ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මොහමඩ් නවාස් ලකුණු 21(19)ක් ද, නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ චාමික කරුණාරත්න ලකුණු 17(9) ක් ද, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 15(9) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස්, ඉසුරු උදාන හා වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

වනිදු හසරංග පන්දු 21 කින් ලකුණු 40 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අසිෆ් අලී පන්දු 15 කින් ලකුණු 33 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 2 ක් සමගින්. අශේන් බණ්ඩාර ලකුණු 22(18) යි.

මොහමඩ් හැරිස් ලකුණු 1යි. චතුරංග ද සිල්වා ලකුණු 16 කට දැවී ගිය අතර, සහන් ආරච්චිගේ ලකුණු 13 යි. ෆකාර් සමාන් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 11 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ හා මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙලුවා. නසීම් ශාහ්, ඉෆ්ටිකාර් අහ්මඩ් හා චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ද මෙම කණ්ඩායම් දෙකටම වඩා ඉදිරියෙන් පැවතීම හේතුවෙන් කිංග්ස් කණ්ඩායමට ද අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...