ජයිස්වාල් හා ගිල්ගේ ප්‍රහාරය ඉන්දියාව සම තැනට ගෙන යයි

Date:

යශස්වි ජයිස්වාල් හා ෂුබ්මන් ගිල් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 165 ක විශිෂ්ඨ සම්බන්ධතාවය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක අනර්ඝ ජයග්‍රහනයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් ඉන්දියාවට ලැබී තිබූ අතර, ඔවුන් එම ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 17 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී සිටියදීයි.

ගිල් ලකුණු 77(47) ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්. රොමාරියෝ ෂෙපර්ඩ්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.

යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 84 ක් ලබා ගත්තා. පන්දු 51 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ශිම්රන් හෙට්මයර් පන්දු 39 කින් ලකුණු 61 ක් රැස් කළා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 3ක් සමගින්.

ෂේයි හෝප් ලකුණු 45(29)යි. පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තා. කුල්දීප් යාදව් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 26 ක් ලබා දෙමින්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-2 ක් ලෙස කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුවනවා. ඒ, තරගාවලියේ පළමු තරග දෙකම කොදෙව්වන් ජය ගෙන තිබූ පසුබිමකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...