“ලොව හොදම පිතිකරුවා බාබර්” : කෝලි

Date:

තරග රටා සියල්ලෙහිම ලොව හොදම පිතිකරුවා පාකිස්තානයේ බාබර් අසාම් විය හැකි බව ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පවසනවා.

Star Sports සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කෝලි මෙම අදහස් පල කළා.

“ඔහු (බාබර්) සමග පළමු වරට සම්බන්ධයක් මට ඇති වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය අතරතුර මැන්චෙස්ටර් හී දී පැවැති තරගයෙන් පසුවයි.” යනුවෙන් කෝලි සදහන් කළා.

“මම ඉමාඩ්ව (වසීම්) දන්නවා 19න් පහළ ලෝක කුසලානයේ සිටම. බාබර්ට මට කතා කරන්න ඕනේ කියලා ඔහු පැවසුවා.”

“අපි වාඩිවෙලා ක්‍රීඩාව ගැන කතා කරා. පළමු දිනයේ සිටම මම ඔහුගෙන් බොහෝ ගෞරවයක් දැක්කා, එය වෙනස් වී නැහැ.”

“කාරණය කුමක් වුවත්, ඔහු බොහෝ විට තරග රටා සියල්ලෙහිම ලෝකයේ හොදම පිතිකරුවා විය හැකියි.”

“ඒතරම් අඛණ්ඩව (ඔහු) දක්ෂතා දක්වනවා. මම නිතරම ඔහු ක්‍රීඩා කරනවා දැකීමෙන් සතුටක් ලැබුවා.”

බාබර් අසාම් මේ වන විට එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටින අතර, 20යි 20 හා ටෙස්ට් පිතිකරුවන් අතර ද ඔහු ලොව පළමු ස්ථාන 5 තුළ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...