Oval Invincibles කණ්ඩායමට ලකුණු 9ක ජයක්

Date:

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් Northern Superchargers කණ්ඩායම පරදා ලකුණු 9ක ජයක් වාර්තා කිරීමට Oval Invincibles කණ්ඩායම සමත් වුණා.

ලීඩ්ස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Invincibles කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

ජේසන් රෝයි ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. ජෝර්ඩන් කොක්ස් පන්දු 38 කින් නොදැවී ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 8 ක් සමගින්.

හෙන්රික් ක්ලාසන් පන්දු 22 කින් ලකුණු 46 ක් හා විල් ජැක්ස් පන්දු 25 කින් ලකුණු 40 ක් රැස් කළා. සෑම් කරන් ලකුණු 24(12) යි.

පන්දු යැවීමේ දී වේන් පාර්නෙල් ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Superchargers කණ්ඩායමට පන්දු 100 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.

ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් පන්දු 43 කින් වේගවත් ලකුණු 81 ක් රැස් කළා. හයේ පහර 5 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඇඩම් හෝප් ලකුණු 41(19) යි.

පන්දු යැවීමේ දී Gus Atkinson ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සෑම් කරන් ලකුණු 31 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...