යාපනයට තියුණු පරාජයක් ; මහනුවර හා දඹුල්ල අවසන් වටයට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(12) සමත් වුණා.

මහනුවර කණ්ඩායම ලැබූ එම ජයත් සමග දඹුල්ල අවුරා කණ්ඩායම ද අවසන් වටයේ ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් එක් ලකුණකටත්, නිශාන් මදුෂංක ලකුණු 8කටත්, චරිත් අසලංක ලකුණු 2කටත් දවා ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වුණා. එම කඩුලු 3 බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 16 ක් ලෙස සටහන්ව තිබියදීයි.

මංගල එල්.පී.එල් තරගය ක්‍රීඩා කළ ක්‍රිස් ලින් ලකුණු 27(26) ක් රැස් කළා. ඩේවිඩ් මිලර් ලකුණු 24(16) යි. තිසර පෙරේරා පන්දු 20 කින් ලකුණු 36 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

ෂොයිබ් මලික් පන්දු 37 කින් නොදැවී ලකුණු 55 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. හයේ පහරක්, හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නුවන් ප්‍රදීප් කඩුලු 2ක් ද, ඉසුරු උදාන එක් කඩුල්ලක් ද බිද හෙලුවා. වනිදු හසරංග යොමු කළ පන්දුවාර 2 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 22ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 51 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ෆකාර් සමාන් හා මොහමඩ් හැරිස් සමත් වුණා.

සමාන් ලකුණු 22 කට දැවී ගිය අතර, හැරිස් පන්දු 51 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 81 ක්. හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

දිනේෂ් චන්දිමාල් එක් ලකුණකටත්, සහන් ආරච්චිගේ ලකුණු 2කටත් දැවී ගියා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22(18) යි. වනිදු හසරංග ලකුණු 19 ක් රැස් කළා. අසිෆ් අලී ලකුණු 6යි.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර කඩුලු 3 ක් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ හා ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...