Watch : අවසන් පන්දු තුනේ කඩුලු ත්‍රිත්වය Welsh Fire පිලට නොසිතූ ජයක් ගෙන ආ හැටි

Date:

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී අවසන් පන්දු තුනේ දී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලමින් Welsh Fire කණ්ඩායමට නොසිතූ ජයක් හිමි කර දීමට දකුණු අප්‍රිකාවේ Shabnim Ismail අද(10) සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 3 කින් පරාජයට පත් වූයේ Birmingham Phoenix කණ්ඩායමයි.

බර්මිංහැම්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Birmingham Phoenix කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Welsh Fire කණ්ඩායම පන්දු 100 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 137 ක් රැස් කළා.

Tammy Beaumont පන්දු 40 කින් ලකුණු 59 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Katie Levick, Hannah Baker හා Emily Arlott කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Birmingham Phoenix කණ්ඩායමට පන්දු 100 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

Tess Flintoff ලකුණු 55 ක් හා Amy Jones නොදැවී ලකුණු 48 ක් රැස් කළා.

තරගයේ අවසන් පන්දු 5 තුළ දී කඩුලු 9ක් අතැතිව තරගය ජය ගැනීමට ලකුණු 9 ක් ලබා ගැනීමට Phoenix කණ්ඩායමට අවශ්‍ය වුණා.

අවසන් පන්දු 3 තුළ දී ඔවුන්ට ලබා ගත යුතු වූයේ ලකුණු 4 ක් පමණයි. කෙසේ වෙතත්, අනතුරුව යොමු කෙරුණු පන්දු තුනේ දී ම කඩුලු 3 ක් දවා ගනිමින් Shabnim Ismail සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයක් උරුම කර දුන්නා.

පන්දු යැවීමේ දී Shabnim Ismail කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 31 ක් ලබා දෙමින්.

කඩුලු ත්‍රිත්වය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...