ප්‍රබලයින් දෙදෙනෙකු නවසීලන්ත එක්දින සංචිතයට කැදවයි

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වේග පන්දු යවන්නන් වන ට්‍රෙන්ට් බෝල්ට් හා ආබාධයකට ලක්ව සිටි ක්යල් ජමීසන් යළි එක්දින සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

අවසන් ලෝක කුසලාන එක්දින තරගාවලි දෙකම නියෝජනය කළ බෝල්ට් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

කේන් විලියම්සන්ගේ ආබාධය හේතුවෙන් ටොම් ලේතම් විසින් සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක්ව පසුව ශල්‍යකර්මයකට මුහුණ දුන් විලියම්සන් ද එංගලන්ත සංචාරයේ දී නවසීලන්ත කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත්තේ පුහුණුවීම් හා සිය පුනරුත්තාපන කටයුතු අඛණ්ඩව සිදු කර ගෙන යාමේ අරමුණින්.

මාර්ක් චැප්මන් හා ඔහුගේ බිරිද මෙන්ම ජිමී නීෂම් හා ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපතට සූදානමින් පසුවන බැවින් තරග 4කින් යුත් මෙම එක්දින තරගාවලියට එක්වන්නේ නැහැ.

ඉෂ් සෝදි ද එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලියෙන් පසුව යළි නවසීලන්තය වෙත පැමිණෙන්නේ සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අරමුණින්.

ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් මයිකල් බ්‍රේස්වෙල් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බැවින් මෙම තරග සංචාරයට එක් වන්නේ නැහැ.

සංචිතය හා තරග කාලසටහන –

ODI Squad:

Tom Latham (C), Finn Allen, Trent Boult, Devon Conway, Lockie Ferguson, Matt Henry, Kyle Jamieson, Adam Milne, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Tim Southee, Will Young

England vs New Zealand : ODI Schedule

  • Sept 8 – 1st ODI – Sofia Gardens (Cardiff)
  • Sept 10 – 2nd ODI – The Ageas Bowl (Southampton)
  • Sept 13 – 3rd ODI – The Oval (London)
  • Sept 15 – 4th ODI – Lord’s (London)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...