තිදෙනෙකු බංග්ලාදේශ නායකත්ව සටනේ

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් බංග්ලාදේශයේ නව එක්දින නායකයා මෙම සතියේ දී නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා.

එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස ශකිබ් අල් හසාන් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලිටොන් දාස් හා මෙහිදි හසාන් මිරාස් ද නව නායකත්ව තනතුර සදහා සලකා බැලෙන බව සදහන්.

සදුදා දිනයේ දී ක්‍රිකට් බළධාරීන් අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබූ අතර, එහිදී නායකත්වය පිළිබද අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ.

ඒ, නායකත්වය සම්බන්ධයෙන් ශකිබ් අල් හසාන්, ලිටොන් දාස් හා මෙහිදි හසාන් මිරාස්ගේ අදහස් ද ලබා ගැනීමට තීරණය කිරීම හේතුවෙන්.

අගෝස්තු 12 වැනිදා වන විට ආසියානු කුසලාන තරගාවලිය සදහා වන සංචිත නිවේදනය කළ යුතු බැවින් ඊට පෙර බංග්ලාදේශයේ නව නායකයා තීරණය කිරීමට එරට ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා.

ශකිබ් මේ වන විට එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා. ඔහු මේ වන විටත් එරට ටෙස්ට් හා 20යි 20 කණ්ඩායම්වලද නායකයා ලෙස කටයුතු කරනවා.

බංග්ලාදේශ එක්දින කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීමට සිදුව ඇත්තේ තමිම් ඉක්බාල් එම ධූරයෙන් ඉවත් වීමට පසුගියදා ගත් තීරණය හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් තමිම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලිය ද අහිමි වී ඇති නමුත්, නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සදහා හා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...