ලෝක කුසලානය අභියස ඉන්සමාම්ට පාකිස්තානයෙන් ප්‍රබල වගකීමක්

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ නව ප්‍රධානීවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක් පත් කර තිබෙනවා.

53 හැවිරිදි ඔහු මෙම තනතුරට පත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

2016 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයේ දී ද ඔහු මෙම ධූරයේ කටයුතු කරනු ලැබුවා.

එම කාලයේ දී පාකිස්තානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් වූ අතර, 2017 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද ජය ගැනීමට සමත් වුණා.

ඉන්සමාම්ට පැවරෙන පළමු රාජකාරිය වන්නේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා සංචිතය නම් කිරීමයි.

අනතුරුව ආසියානු කුසලාන තරගාවලිය සදහා මෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ද පාකිස්තාන සංචිතය නම් කිරීමේ වගකීම ඔහුට පැවරෙනවා.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ද පාකිස්තාන සංචිතය නම් කිරීමේ ප්‍රධානීත්වය දරනු ලැබුවේ ඔහු විසින්.

ප්‍රධාන පුහුණුකරු Grant Bradburn මෙන්ම ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Mickey Arthur ද තේරීම් කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...