වනිදුගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා මහනුවරට සුපිරි ජයක් ගෙනෙයි

Date:

වනිදු හසරංග පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් දැක් වූ දක්ෂතා හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(5) සමත් වුණා.

මෙම පරාජයත් සමග කිංග්ස් කණ්ඩායමට පළමු ස්ථානය අහිමි වූ අතර, අවසන් ස්ථානයේ පසු වූ කැන්ඩි කණ්ඩායම සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා. කිංග්ස් කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි.(ප්‍රසාද ලකුණු සටහන පහතින්)

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 27 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක්, ඩේවිඩ් මිලර් ලකුණු 21 ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 19 ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු නොලබා සිටියදීත්, චරිත් අසලංක ලකුණු 5කටත් දවා ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වුණා. නායක තිසර පෙරේරා මෙම තරගයේ දී රැස් කළේ ලකුණු 2ක් පමණයි.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 9කට කඩුලු 3 ක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 22(16)කට දැවී ගිය අතර, ෆකාර් සමාන් ලකුණු 42(39) යි. සමාන්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග පන්දු 22 කින් වේගවත් ලකුණු 52 ක් නොදැවී වාර්තා කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...