RCB කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට (RCB) නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සිම්බාබ්වේ හිටපු ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් RCB කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වසර 3 ක කාලයක් සදහා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

මීට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සංජේ බංගා හා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමටයි RCB කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

2023 අයි.පී.එල් තරග වාරයේ දී බැංගලෝර් කණ්ඩායමට 2019 වසරෙන් පසුව පළමු වරට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ පසුබිමක කළමනාකාරීත්වය විසින් එම තීරණය ගෙන තිබෙනවා.

ඇන්ඩි ෆ්ලවර් අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන අතර, 2010 වසරේ දී එංගලන්ත කණ්ඩායම ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ජය ගනු ලැබුවා. එමෙන්ම 2009-2013 කාලයේ දී එංගලන්තය අඛන්ඩව අළුබදුන ශූරතා 3ක් දිනා ගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට PSL ශූරතාවය දිනා ගැනීම සදහා ද, ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමට හන්ඩ්‍රඩ් ශූරතාවය දිනා ගැනීම සදහා ද, මරාත ඇරබියන්ස් කණ්ඩායමට අබුඩාබි T10 ශූරතාවය දිනා ගැනීම සදහා ද, ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමට ILT20 ශුරතාවය දිනා ගැනීම සදහා ද ෆ්ලවර් මග පෙන්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...