එංගලන්ත සුපිරි ආරම්භක පිතිකරුවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

එංගලන්ත ආරම්භක පිතිකරුවෙකු වන ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ සටහනක් තබමින් ඔහු නිවේදනය කළේ මේ මොහොතේ සිට බලපැවැත්වෙන පරිදි තමා එම තීරණය ගත් බවයි.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස ඔහු කටයුතු කළ අතර, වසර 12කට ආසන්න කාලයක් ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වනු ලැබුවා.

34 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 70 ක්, 20යි 20 තරග 75 ක් හා ටෙස්ට් තරග 11 ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී පිළිවෙලින් ඔහු ලකුණු 2419 ක්, 2074 ක් හා 573 ක් රැස් කිරීමට සමත් වුණා. එක්දින ජාත්‍යන්තර ශතක 6 ක් හා 20යි 20 ජාත්‍යන්තර ශතකයක් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වර්ණවත් කළා.

හේල්ස් එක් අවස්ථාවක ලොව අංක එකේ පිතිකරු ලෙස ද 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගෙන සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්න ද, තවදුරටත් තමා ප්‍රාන්ත හා 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි ඇලෙක්ස් හේල්ස් කියා සිටියේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් හේල්ස් මෙම වසර මුල දී බංග්ලාදේශයේ පැවැති 20යි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ඔහු මෙවර සී.පී.එල් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින අතර, එසේ ක්‍රීඩා කළහොත් ඔහුට නවසීලන්තයට එරෙහිව එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබුණා.

 

View this post on Instagram

 

A post shared by Alex Hales (@alexhales1)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...