චන්දිමාල් හා මුජීබ්ගේ දක්ෂතා මහනුවරට පළමු ජය ගෙනෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(4) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගනිමින්.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32(31) යි. ධනංජය ද සිල්වා පන්දු 39 ක් පමණක් වැය කරමින් ලකුණු 61 ලබා ගනිමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. ධනංජයගේ ඉනිම හයේ පහර 3 කින් හා හතරේ පහර 5කින් වර්ණවත් වුණා.

ඇලෙක්ස් රෝස් ලකුණු 21 (18) ක් හා හෙයිඩ්න් කෙර් නොදැවී ලකුණු 12(13) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මුජිබ් උර් රහ්මාන් හා ඉසුරු උදාන කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දුෂ්මන්ත චමීර හා මොහමඩ් හස්නයින් කඩුල්ල බැගින් දවා ගත්තා. මුජීබ් සිය කඩුලු 2 දවා ගත්තේ ලකුණු 17 ක් පමණක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆකාර් සමාන් හා දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 8 ක් තුළ ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

සමාන් ලකුණු 28(26) කට දැවී ගිය අතර, චන්දිමාල් ලකුණු 48 ක් රැස් කළා. පන්දු 29 කින් වාර්තා වූ චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්.

කමිදු මෙන්ඩිස් ලකුණු 18යි. ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28(20) ක් හා අසීෆ් අලී නොදැවී ලකුණු 16(8) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා හා හෙයිඩ්න් කෙර් කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙය මෙවර තරගාවලියේ දී මහනුවර කණ්ඩායම තරග 3 ක් ක්‍රීඩා කර ලැබූ පළමු ජයග්‍රහනයයි.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...