අෆ්රිඩි හා වෙල්ස් 2021 වසරෙන් පසු වෙල්ෂ් ෆයර් පිලට පළමු ජය හිමි කර දෙයි

Date:

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම පරදා ලකුණු 9ක ජයක් වාර්තා කරමින් 2021 වසරෙන් පසුව සිය පළමු ජය වාර්තා කිරීමට වෙල්ෂ් ෆයර් කණ්ඩායම සමත් වුණා.

කාර්ඩිෆ් හි පැවැති තරගයට වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දු 40 කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ මැන්චෙස්ටර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් වෙල්ෂ් කණ්ඩායම නියමිත පන්දු 40 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 94 ක් ලබා ගනිමින්.

ලුක් වෙල්ස් පන්දු 23 කින් ලකුණු 57 ක් රැස් කළා ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 7ක් සමගින්. පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් පන්දු 10 ක් තුළ ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැන්චෙස්ටර් කණ්ඩායමට පන්දු 40 තුළ කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 ක් පමණයි.

ජොස් බට්ලර් (නොදැවී) හා මැක්ස් හෝල්ඩන් පන්දු 18 බැගින් වැය කරමින් ලකුණු 37 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 24 කට කඩුලු 2 ක් හා ඩේවිඩ් විලී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත්තා.

අෆ්රිඩි සිය කඩුලු 2 දවා ගත්තේ මැන්චෙස්ටර් ඉනිමේ පළමු පන්දු දෙකෙන්ම වීම කැපී පෙනුණා. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ පිල් සෝල්ට් හා ලොරී එවන්ස්. (එම කඩුලු දෙක පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...