පන්දුවෙන් හා පිත්තෙන් නරේන් දැක් වූ දක්ෂතා ඕවල් පිලට තියුණු ජයක් ගෙනෙයි

Date:

Sunil Narine පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හමුවේ එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් London Spirit කණ්ඩායම පරදා කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට Oval Invincibles කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕවල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලන්ඩන් කණ්ඩායම පන්දු සියය අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස් කළා.

Adam Rossington ලකුණු 39 ක් ලබා ගත් අතර, Matthew Wade ලකුණු 37 යි. Dan Lawrence ලකුණු 24 කට දැවී ගියා.

Nathan Sowter ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා. Sunil Narine කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 14 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕවල් කණ්ඩායම පන්දු 99 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sam Curran ලකුණු 34 ක් රැස් කළ අතර, Sam Billings ලකුණු 25 ක් හා Jordan Cox ලකුණු 22 ක් ලබා ගත්තා.

Sunil Narine පන්දු 5 කින් නොදැවී ලකුණු 13 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා. අවසන් පන්දු 5 තුළ දී තරගය ජය ගැනීමට ලකුණු 15 ක් අවශ්‍යව තිබූ පසුබිමකයි ඔහු හයේ පහරක් හා හතරේ පහරක් ද එල්ල කරමින් ඕවල් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

පන්දු යැවීමේ දී Daniel Worrall, Jordan Thompson හා Nathan Ellis කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...