හන්ඩ්‍රඩ් පළමු තරගයෙන් ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමට තියුණු ජයක්

Date:

එංගලන්තයේ පැවැත්වෙන 2023 හන්ඩ්‍රඩ් හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය (පිරිමි) ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සදර්න් බ්‍රේව් කණ්ඩායම පරදා ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම මෙරට වේලාවනේ අද(2) අලුයම සමත් වුණා.

නොටින්හැම්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බ්‍රේව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි රොකට්ස් කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 133 ක් රැස් කළා.

Sam Hain පන්දු 39 කින් ලකුණු 63 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. හයේ පහර 2 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Chris Jordan ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Craig Overton ලකුණු 33 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සදර්න් බ්‍ර්ව් කණ්ඩායමට පන්දු 99 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණයි.

Leus du Plooy ලකුණු 29ක්, Finn Allen ලකුණු 28 ක් හා Chris Jordan ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Daniel Sams හා Lewis Gregory කඩුලු 3 බැගින් බිද හෙලුවා. Imad Wasim කඩුලු 2 ක් දවා ගත්තා.

මේ අතර, තරගාවලියේ කාන්තා අංශයේ පළමු තරගයෙන් ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම පරදා සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

නොටින්හැම්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්‍රේව් කණ්ඩායම පන්දු 100 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා. Smriti Mandhana ලකුණු 55(36) යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රොකට්ස් කණ්ඩායමට පන්දු 100 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

Nat Sciver-Brunt ලකුණු 49 (31) ක් රැස් කළා. පන්දු යැවීමේ දී Mary Taylor කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...