ගිල්, කිෂන්, පාන්ඩ්යා හා සංජුගේ ප්‍රහාරයත්, තාකූර්-කුමාර්ගේ කඩුලු 7ත් ඉන්දියාවට ලකුණු 200 ක ජයක් හිමි කරයි

Date:

ඉෂාන් කිෂන්, ෂුබ්මන් ගිල්, හර්ඩික් පාන්ඩ්යා හා සංජු සැම්සන් වාර්තා කළ අර්ධ ශතක හා ශර්දුල් තාකූර් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 200 ක දැවැන්ත ජයක් හිමි කර ගනිමින් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද(2) අලුයම සමත් වුණා.

මෙම ජයත් සමග ඉන්දීය කණ්ඩායම විසින් කොදෙව්වන්ට එරෙහිව මේ වන විට අඛණ්ඩව එක්දින තරගාවලි 13 ක් ජය ගෙන තිබීම විශේෂත්වයක්. කොදෙව්වන් ඉන්දියාවට එරෙහිව අවසන් වරට එක්දින තරගාවලියක් ජය ගෙන ඇත්තේ 2006 වසරේ දී යි.

ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 351 ක් රැස් කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 35.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 85 (92) ක් හා ඉෂාන් කිෂන් ලකුණු 77 (64) ක් රැස් කළා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 143 ක්.

නායක හර්ඩික් පාන්ඩ්යා පන්දු 52 කින් නොදැවී ලකුණු 70 ක් රැස් කළා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් ද සමගින්. සංජු සැම්සන් පන්දු 41 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සංජුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 73 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

කොදෙව් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ගුඩකේෂ් මෝති ලකුණු 39 ක් නොදැවී රැස් කළා. පන්දු 34 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මුකේෂ් කුමාර් ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...