පන්දු යවන්නන්ගේ දක්ෂතා හා අවිශ්කගේ අර්ධ ශතකය දඹුල්ලට පහසු ජයක් හිමි කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(1) සමත් වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළේ ලකුණු 129 ක් පමණයි.

ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි චරිත් අසලංක පන්දු 52 කින් ලකුණු 56 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 5ක් සමගින්.

තව්හිද් හ්රිදෝයි ලකුණු 24 ක් රැස් කළ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් හා ඩේවිඩ් මිලර් ලකුණු 14 බැගින් ලබා සිටියදී දැවී ගියා.

ප්‍රියමාල් පෙරේරා ලකුණු 5යි. තිසර පෙරේරා දුවද්දී දැවී ගියේ ලකුණු 6 ක් දැවී සිටියදීයි. හර්ඩස් විල්ජෝන් ලකුණු 4 යි.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත් අතර, ශහ්නවාස් ධහානි, හෙයිඩ්න් කෙර්, ධනංජය ද සිල්වා හා නූර් අහ්මඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 8.1 ක් තුළ ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.

අවිශ්ක පන්දු 32 කින් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් සමගින්. ඔහු දැවී ගියේ විජයකාන්ත් වියස්කාන්ත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ මෙන්ඩිස් ලකුණු 29 කට දැවී ගියා. සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 12 ක් හා කුසල් ජනිත් නොදැවී ලකුණු 34(22) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. කුසල්ගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...