Watch : අවිශ්කගේ කඩුල්ල සොයා ගිය විජයකාන්ත්ගේ පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පා දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් විසින් විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගැනීමට අද(1) සමත් වුණා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයෙන් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ දඹුල්ල අවුරා කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළේ ලකුණු 129 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 8.1 ක් තුළ ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.

අවිශ්ක පන්දු 32 කින් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් සමගින්. විජයකාන්ත් වියස්කාන්ත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...