Watch : අළුබදුන 2-2 ක් ලෙස සම වෙයි ; ක්‍රිකට් දිවියේ අවසන් පන්දුවෙනුත් බ්‍රෝඩ්ට කඩුල්ලක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති 5 වැනි හා අවසන් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 49 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට එංගලන්තය අද(31) සමත් වුණා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 384 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු කිසිවක් නොදැවී ලකුණු 135 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 334 ක් පමණයි.

උස්මාන් කවාජා ලකුණු 72 ක්, ඩේවිඩ් වෝනර් ලකුණු 60 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 54ක් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 43 යි.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4 ක් දවා ගත් අතර, මොයීන් අලී කඩුලු 3 ක් දවා ගත්තා. මෙම තරගයෙන් පසුව ක්‍රිකට් පිටියට සමු දෙන ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 2 ක් බිද හෙලුවා. ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුල්ල ද දවා ගත්තේ ඔහුයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 283 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 295 ක්. අනතුරුව එංගලන්තය සිය දෙවැනි ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 395 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...