බාබර්ගේ අර්ධ ශතකය හා මතීෂගේ දක්ෂතා ස්ට්‍රයිකර්ස් පිලට ජය ගෙනෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම පරදා ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී-ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25(22) ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 15 ක් හා අශේන් බණ්ඩාර ලකුණු 12 ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 10යි. සර්ෆරාස් අහ්මඩ් පන්දු 21 කින් නොදැවී රැස් කළේ ලකුණු 16 ක් පමණයි.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නසීම් ශාහ් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් පන්දු 52 කින් ලකුණු 59 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 28 ක් හා පැතුම් නිස්සංක ලකුණු 15 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 39 කට කඩුලු 3 ක් හා මොහමඩ් හස්නයින් ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙලුවා.

කැන්ඩි ඉනිමේ දී අශේන් බණ්ඩාර දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...