Watch : අල්ල ගත්ත උඩ පන්දුව ස්ටොක්ස් අත්හැරපු හැටි

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 5 වැනි හා අවසන් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද(31) දිනයේ දී බෙන් ස්ටොක්ස් අතින් ගිලිහී ගිය උඩ පන්දුවක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, එම උඩ පන්දුව ඔහු අතින් සැබවින්ම ගිලිහී ගියේ ද, නැතහොත් එය උඩ පන්දුවක් ලෙස රැක ගත්තේ යන්න සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන්.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 384 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු කිසිවක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135 ක්.

ඉනිම අතරවාරයේ දී මොයීන් අලී යොමු කළ පන්දුවකින් අනතුරුව ස්ටීවන් ස්මිත් විසින් ලෙග් ස්ලිප්හි පන්දු රකිමින් සිටි බෙන් ස්ටොක්ස් අතට උඩ පන්දුවක් ලබා දුන්නා.

එය ස්ටොක්ස් විසින් රැක ගන්නා ආකාරයක් දක්නට ලැබුණ ද, සුළු මොහොතකට පසුව ඔහුට පන්දුව අතින් ගිලිහී යනවා.

ඒ අනුව එය දැවී යාමක් ලෙස විනිසුරු විසින් ප්‍රකාශ නොකළ අතර, පසුව එංගලන්තය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ මෙම තීරණය අභියෝගයට ලක් කළා.

එහිදී පන්දුව පිතිකරුගේ අත් ආවරණවල දැවටී යන ආකාරය පැහැදිලිව දැක ගත හැකි වුණා. නමුත්, උඩ පන්දුව සාර්ථක ලෙස ස්ටොක්ස් විසින් රැක නොගන්නා බවක් දක්නට ලැබුණු බැවින් ස්මිත් නොදැවී ගිය පිතිකරුවෙකු ලෙසයි තෙවන විනිසුරු විසින් ද නම් කළේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...