ඔස්ට්‍රේලියාව ජයග්‍රහනයට ලකුණු 249 ක් පිටුපසින්

Date:

ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළ ස්ටුවට් බ්‍රෝඩ්ට ලද උපහාර හමුවේ ආරම්භ වූ එංගලන්ත-ඔස්ට්‍රේලියා 5 වැනි හා අවසන් අළුබදුන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ඊයේ(30) නිමා වුණේ ඩේවිඩ් වෝනර්ගේ හා උස්මාන් කවාජාගේ නොබිදුණු ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය හමුවේ තරගය ජය ගැනීම පිළිබද ඔස්ට්‍රේලියානු බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 384 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු කිසිවක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135 ක්. ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීමට තවත් ලකුණු 249 ක් ලබා ගත යුතුයි.

ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 58 ක් ද, උස්මාන් කවාජා නොදැවී ලකුණු 69 ක් ද ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිනවා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයට ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් සිව්වැනි දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 40 ක් පමණයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 389 ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 395 ක්.

ජෝ රූට් ලකුණු 91 ක් හා ජොනී බෙයාර්ස්ටව් ලකුණු 78 ක් රැස් කළා. සැක් ක්‍රව්ලි ලකුණු 73 යි. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා ටොඩ් මර්ෆි කඩුලු 4 බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 283 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 295 ක්.

මේ වන විට තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...