දික්වැල්ලගේ 58 අපතේ යයි ; LPL පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ජය

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(30) පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට මෙතෙක් පැවැති තරගාවලි ත්‍රිත්වයේම ශුරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කින් ලකුණු 58 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. නුවනිදු ප්‍රනාන්දු හයේ පහර 2ක් සමගින් ලකුණු 17 ක් ලබා ගත්තා.

බාබර් අසාම් ලකුණු 7කටත්, පැතුම් නිස්සංක එක් ලකුණකටත්, මොහමඩ් නවාස් ලකුණු 3කටත් දැවී ගියා. චාමික කරුණාරත්න දුවද්දී දැවී ගියේ ලකුණු 23 ක් ලබා සිටියදීයි. අනතුරුව යශෝධ ලංකා ද ලකුණු 11 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. නසීම් ශාම්ට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. රමේෂ් මෙන්ඩිස් ලකුණු 17 යි. මතීෂ පතිරණ ලකුණු 8කට දැවී යාමත් සමග තරගයේ ජය කිංග්ස් කණ්ඩායම තහවුරු කර ගත්තා.

පන්දු යැවීමේ දී හර්ඩස් විල්ජෝන් කඩුලු 3 ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක පන්දුවාර 2.4 ක් යොමු කරමින් ලකුණු 18 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ තව්හිද් රිදෝයි. ඔහු පන්දු 39 කින් ලකුණු 54 ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නිශාන් මදුෂ්ක ලකුණු 12 කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 21 කටත් දැවී ගියා. චරිත් අසලංක ලකුණු 12 යි. ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 කට දැවී ගියා.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25 ක් හා තිසර පෙරේරා නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සාර්ථක අවසානයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ්, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න හා ලක්ෂාන් සදකැන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...