Watch : සිය අවසන් ටෙස්ට් පන්දුවට බ්‍රෝඩ් ගහපු හයේ පහර

Date:

සිය ක්‍රිකට් දිවියේ තමා මුහුණ දුන් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් අද(30) සමත් වුණා.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 5 වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී යි ඔහු මෙම හයේ පහර එල්ල කළේ.

81 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට ඔහු මෙම හයේ පහර එල්ල කළා. එම පන්දුව ඔහු මුහුණ දුන් අවසන් පන්දුව බවට පත් වුණේ 82 පන්දුවාරයේ දී එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී යාම හේතුවෙන්.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයෙන් අනතුරුව තමා ක්‍රිකට් පිටියට සමු දෙන බව ස්ටුවට් බ්‍රෝඩ් ඊයේ(29) නිවේදනය කළා.

මෙම තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය අද සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 395 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 384 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

බ්‍රෝඩ් එල්ල කළ හයේ පහර පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...