Watch : ස්මිත්ගේ ආන්දෝලනාත්මක නොදැවී යාම ; MCC කරුණු පහදයි

Date:

එංගලන්ත – ඔස්ට්‍රේලියා 5 වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී දුවද්දී දැවී යාමේ ඉල්ලීමකට අදාළව ස්ටීවන් ස්මිත් නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස තෙවන විනිසුරු ලබා දුන් තීන්දුව පිළිබද මාරිලිබෝන් ක්‍රිකට් සමාජය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 43ක් ලබා සිටියදී යි ස්මිත් මෙම සිදු වීමට මුහුණ දුන්නේ.

එහිදී ජොනී බෙයාර්ස්ටව් විසින් කඩුල්ල බිද දමන අවස්ථාවේ දී ස්මිත් සීමා ඉර පසු කර නොතිබූ ආකාරයක් පළමුව දැක ගත හැකි වුණා.

නමුත් තෙවන විනිසුරු Nitin Menon විසින් දීර්ඝ ලෙස පුනරූපන නැරඹීමෙන් අනතුරුව තීරණය කළේ ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙසයි.

ක්‍රිකට් නීති භාරකරු ලෙස සැලකෙන එම්.සී.සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය පෙන්වා දෙන්නේ කඩුල්ලක් බිදී යාම සිදු වන්නේ අවම වශයෙන් එක් බෙල්සයක් හෝ කඩුල්ලේ මුදුනින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගියහොත් පමණක් බවයි.

ඒ අනුව මෙම සිද්ධියේ දී කිසිදු බෙල්සයක් සම්පූර්ණයෙන්ම (බෙල්සයේ දෙකළවරම කඩුල්ලෙන් ඉවත් වීම) කඩුල්ලෙන් ඉවත්ව නොතිබීම හේතුවෙනුයි ස්මිත් නොදැවුණු පිතිකරුවෙකු ලෙස නම් කර ඇත්තේ. (දර්ශන පහතින්)

දෙවැනි දිනය ඊයේ(28) නිමා වුණේ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 295 ක් ලබා සිටියදීයි. එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283 ක්. ඒ අනුව ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම නිමා වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 12 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...