යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට දැඩි දඩුවම් පනවයි

Date:

ජාතිවාදී සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා දෙන දඩුවම් ස්වාධීන ක්‍රිකට් විනය කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, සංශෝදිත චෝදනා 4 ක් යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය විසින් පිළිගැනීම හේතුවෙන්.

ඒ අනුව මේ දිනවල පැවැත්වෙන ප්‍රාන්න සිව්දින ක්‍රිකට් තරගාවලියට අදාළව යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයෙන් ප්‍රසාද ලකුණු 48 ක් කපා හැරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2023 අන්තර් ප්‍රාන්ත 20යි 20 තරගාවලියෙන් (T20 Blast) ද ප්‍රසාද ලකුණු 4 ක් කපා හැරීමටයි නියම කර ඇත්තේ.

ඊට අමතරව පවුම් 400,000 ක දඩ මුදලක් ද නියම කර ඇති අතර, ඉන් පවුම් 300,000 ක් වසර දෙකක කාලයක් සදහා අත්හිටුවා තිබෙනවා.

ලබා දුන් දඩුවමට එරෙහිව අවශ්‍යනම් අභියාචනයක් ගොණු කිරීම සදහා යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...