පැපුවා නිව් ගිනියාවත් ලෝක කුසලානයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පැපුවා නිව් ගිනියාව ද සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ, මේ දිනවල පැපුවා නිව් ගිනියාවේ පැවැත්වෙන නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමත් සමගයි.

අද (28) පැවැති තරගයකදී ඔවුන් හමුවේ පිලිපීනය ලකුණු 100 කින් පරාජයට පත් වූ අතර, ඒ අනුව ජපානය හා වනුවාටු යන රටවල් ද ක්‍රීඩා කරන නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ පැපුවා නිව් ගිනියාව තහවුරු කර ගත්තා.

ඔවුන් මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ජය ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විට රටවල් 15 ක් සුදුසුකම් ලබා අවසන්.

ඇමෙරිකාව හා කොදෙව්වන් ලබන වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවිනුයි.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 8 වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ද 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වූයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසු වූ සෙසු රටවල් දෙක වන ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

ඊයේ දිනයේ දී අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් ද 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහායි.

ආසියානු, අප්‍රිකානු හා ඇමෙරිකානු කලාපවලින් තවත් රටවල් 5 ක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...