ඉන්දියාවට කඩුලු 5ක ජයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 23 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ෂේයි හෝප් ලකුණු 43ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 4ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 22.5 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිම ආරම්භ කළ ඉෂාන් කිෂන් පන්දු 46කින් ලකුණු 52 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...