ශ්‍රී ලංකාව ලැබූ දරුණු පරාජය වාර්තා අතරට එක් වුණේ මෙහෙමයි

Date:

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද(27) ඉනිමක හා ලකුණු 222 ක අන්ත පරාජයකට ලක් වුණේ නව අමිහිරි වාර්තා කිහිපයක් ද පිහිටුවමින්.

අද ලැබූ පරාජයත් සමග දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 410 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 188 ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානය අද ලැබූ ජය ඉතිහාසගත වුණේ පාකිස්තාන කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ඉතිහාසයේ දී ලැබූ සිය හොදම ජයග්‍රහනය ලෙසයි.

එනම් ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ දී පාකිස්තානය හමුවේ ලැබූ දරුණුතම පරාජය මෙයයි.

මීට පෙර පාකිස්තානය විසින් 1999 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 175 කින් පරාජය කර තිබූ අතර, මෙතෙක් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති ටෙස්ට් තරගයක් කණ්ඩායමක් ජය ගත් ඉහළම පරතරය බවට පත්ව තිබුණේ එම ජයග්‍රහනයයි.

එමෙන්ම පාකිස්තාන කණ්ඩායම විදෙස් රටකදී ලැබූ විශිෂ්ඨතම ටෙස්ට් ජය හෙවත් ඉහළම පරතරයක් සහිතව ලැබූ ජය ලෙස ද අද ලැබූ ටෙස්ට් ජය ඉතිහාසගත වුණා.

තවද ඔවුන් ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ 2021 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වීම ද විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකාව අද ලැබූ පරාජය ටෙස්ට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙරට දී ලැබූ දරුණුතම පරාජයයි.

එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව ලැබූ සම තෙවැනි දරුණුතම පරාජය ලෙස ද අද ලැබූ පරාජය වාර්තා අතරට එක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...