සිරාජ් යළි ඉන්දියාවට පිටත් කර හරියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(27) ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් විවේක ගන්වා තිබෙනවා.

ඔහු වළලුකර ආශ්‍රිත වේදනාවකින් පසු වීම හේතුවෙන් පූර්වාරක්ෂාවක් ලෙස මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරන ටෙස්ට් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග සිරාජ් යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ආර්. අශ්වින්, අජින්කෙයා රහානේ, කේ.එස් භාරත් හා නව්දීප් සයිනි යන ක්‍රීඩකයිනුයි එලෙස ඔහු සමග යළි ඉන්දියාවට පිටත්ව ගොස් ඇත්තේ.

සිරාජ්ගේ අහිමි වීමත් සමග ඉන්දීය සංචිතයේ මේ වන විට රැදී සිටින අත්දැකීම් බහුලම වේග පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ ශර්දුල් තාකූර්.

එක්දින සංචිතයේ රැදී සිටින සෙසු වේග පන්දු යවන්නන් වන්නේ උම්රාන් මලික්, ජයිදෙව් උනඩ්කට් හා මුකේෂ් කුමාර්. අද ආරම්භ වූ පළමු තරගයේ දී කුමාර් එක්දින වරම් ද දිනා ගත්තා.

මොහමඩ් සිරාජ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර තරග 5 කින් යුත් 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත නමුත්, 20යි 20 සංචිතය සදහා සිරාජ් ඇතුළත් කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...