විනය නීති කැඩූ අසිතට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නිල අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග මේ දිනවල කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද(26) දිනයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

පාකිස්තාන පළමු ඉනිමේ 81 වැනි පන්දුවාරයේ දී අසිත විසින් සවුද් ශකීල් දවා ගැනීමෙන් පසුව කඩුලු සැමරුම ආවේගශීලී අයුරින් සිදු කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

එහිදී ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් දඩුවම් ලකුණක් ද පැනවීමට අයි.සී.සීය කටයුතු කර තිබෙනවා.

අසිත ප්‍රනාන්දු විසින් සිය වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...