අනතුරකට මුහුණ දුන් සර්ෆරාස් ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරේ ; ආදේශක ක්‍රීඩකයා මෙන්න

Date:

පාකිස්තාන කඩුලු රකින පිතිකරු සර්ෆරාස් අහ්මඩ් ශ්‍රී ලංකාව සමග මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද(26) දිනයේ දී පන්දුවට පහර දෙමින් සිටියදී අසිත ප්‍රනාන්දු යොමු කළ කෙටි පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් සිදු වූ අනතුරෙන් පසුව ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට කඩුලු රකින පිතිකරු මොහමඩ් රිස්වාන් අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ආදේශ කිරීමට (concussion substitute) කටයුතු කර තිබෙනවා.

ඒ සදහා පාකිස්තාන කණ්ඩායම් කලමණාකාරීත්වය සිදු කළ ඉල්ලීමට තරග තීරක ඩේවිඩ් බූන් අනුමැතිය ලබා දී ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සර්ෆරාස් අහ්මඩ් තවදුරටත් පාකිස්තාන කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...