පාකිස්තාන මැද පෙල පිතිකරුගෙන් නව ලෝක වාර්තාවක්

Date:

පාකිස්තාන මැදපෙල පිතිකරු සවුද් ශකීල් අද(26) නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

ඒ අනුව ඔහු මේ වන විට තමන් ක්‍රීඩා කළ ටෙස්ට් තරග හතේ දී ම ලකුණු 50 කට වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට් ඉතිහාසයේ දී එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි ශකීල් ඉතිහාසගත වුණේ.

ඔහු ක්‍රීඩා කළ තම මංගල ටෙස්ට් තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 76 ක් වාර්තා කිරීමට ශකීල් සමත් වුණා. එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී පිළිවෙලින් ලකුණු 63 ක් හා 94 ක් ද, එංගලන්තයට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 53 ක් ද රැස් කරමින් සිය පළමු තරග තුනේ දී ම අර්ධ ශතක වාර්තා කිරීමට ඔහු සමත් වුණා.

අනතුරුව නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළ සිය 4 වැනි ටෙස්ට් තරගයේ දී ඔහු නොදැවී ලකුණු 55 ක් ලබා ගත් අතර, සිය 5 වැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්තයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 125 ක්.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ශකීල්ගේ 6 වැනි ටෙස්ට් තරගයයි. එහිදී ඔහු පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තා.

ඉන් අනතුරුවයි අද දිනයේ දී ද ඔහු අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 57 ක් ලබා ගැනීමට සමත් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...