2023-24 ඉන්දීය ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2023-24 තරග වාරයට අදාළව ඉන්දියාවේ පැවැත්වෙන පිරිමි ජාත්‍යන්තර තරග කාලසටහන අද (25) නිවේදනය කෙරුණා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ ඉන්දීය කණ්ඩායම එළඹෙන දේශීය තරග වාරයේ දී ටෙස්ට් තරග 5 ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග 3කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මොහාලි, ඉන්දෝර් හා රාජ්කොට් හී දී එක්දින තරග 3 පැවැත්වෙනවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර 20යි 20 තරග 5කින් යුත් තරගාවලියක් නොවැම්බර් 23 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ලබන ජනවාරි මාසයේ දී ඇෆ්ඝනිස්තාන පිල තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් සදහා ඉන්දියාවට පැමිණෙන අතර, ජනවාරි 25 වැනිදා සිට ඉන්දියාව හා එංගලන්තය අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023-24 – Home Matches

vs Australia (ODIs)

  • 1st ODI: Sept 22, 1:30 PM IST, Mohali
  • 2nd ODI: Sept 24, 1:30 PM IST, Indore
  • 3rd ODI: Sept 27, 1:30 PM IST, Rajkot

vs Australia (T20Is)

  • 1st T20I: Nov 23, 7:00 PM IST, Vizag
  • 2nd T20I: Nov 26, 7:00 PM IST UST, Trivandrum
  • 3rd T20I: Nov 28, 7:00 PM IST, Guwahati
  • 4th T20I: Dec 1, 7:00 PM IST, Nagpur
  • 5th T20I: Dec 3, 7:00 PM IST, Hyderabad

vs Afghanistan

  • 1st T20I: Jan 11, Mohali
  • 2nd T20I: Jan 14, Indore
  • 3rd T20I: Jan 17, Bengaluru

vs England

  • 1st Test: Jan 25-29, Hyderabad
  • 2nd Test: Feb 2-6, Vizag
  • 3rd Test: Feb 15-19, Rajkot
  • 4th Test: Feb 23-27, Ranchi
  • 5th Test: Mar 7-11, Dharamsala

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...