ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ආදේශ කෙරේ

Date:

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග නව විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම් ගත වී තිබෙනවා.

පාකිස්තානයේ ෂොයිබ් මලික් (තාවකාලිකව) හා සමාන් ඛාන් වෙනුවටයි එම ක්‍රීඩකයින් දෙදෙනා ආදේශ කර ඇත්තේ.

ඒ අනුව ෂොයිබ් මලික් වෙනුවට තාවකාලිකව බංග්ලාදේශයේ 22 හැවිරිදි දකුණත් පිතිකරුවෙකු වන Towhid Hridoy කිංග්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

පළමු තරග කිහිපයෙන් පසුව ෂොයිබ් මලික් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වන බව එම කණ්ඩායම නිවේදනය කළා.

එමෙන්ම සමාන් ඛාන් වෙනුවට දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක Nandre Burger කිංග්ස් සංචිතයට ආදේශ කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන්නෙකු හා වමත් පිතිකරුවෙකු වන ඔහු දකුණු අප්‍රිකා A, Cape Town Blitz, Nelson Mandela Bay Giants, Cape Cobras, SA Western Province, Joburg Super Kings යන කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

සමාන් ඛාන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටියද පෞද්ගලික හේතූන් මත ඔහු තරගාවලියට එක් නොවන බවයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...