විනය විරෝධීව හැසිරුණු ඉන්දීය නායිකාවට අයි.සී.සීයෙන් තරග තහනමක්

Date:

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කොවුර්ට එරෙහිව ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, අයි.සී.සී විනය නීති සංග්‍රහය යටතේ ඇය සිදු කළ නීති උල්ලංඝනය කිරීම් දෙකක් හේතුවෙන්.

බංග්ලාදේශය සමග පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී දැවී යාමෙන් පසුව විනිසුරු තීරණයට විරෝධය පල කරමින් කඩුල්ලට සිය පිත්තෙන් පහර දීම ඇයට එල්ල වූ පළමු චෝදනාවයි. (වීඩියෝව පහතින්) එහිදී ඇය විනිසුරු තීරණයට විරෝධය පල කිරීම යන විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කර තිබෙනවා.

එම වරද විනය නීති සංග්‍රහයේ දෙවැනි මට්ටමේ වරදක් බවත්, ඒ අනුව ඇයට තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් මෙන්ම ඇයගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3 ක් ද ඇතුළත් කිරීමට පියවර ගත් බවත්, අයි.සී.සීය සදහන් කළා.

මෙම වරදට අමතරව හර්මන්ප්‍රීට් කොවුර් විසින් තරගයෙන් පසුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී විනිසුරු තීරණ ප්‍රසිද්ධියේ විවේචනයට ද ලක් කළා.

ඒ තුළින් ඇය පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බැවින් තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් හා එක් දඩුවම් ලකුණක් අයි.සී.සීය විසින් නියම කර තිබෙනවා.

සම්මාන ප්‍රදානෝත්සවයෙන් පසුව තරගාවලියේ ශූරතාවය සමසේ බෙදී යාම හේතුවෙන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එහිදී ද ඉන්දීය නායිකාව විනය විරෝධීව හැසිරෙනු දක්නට ලැබුණා. ඒ හේතුවෙන් එහිදී බංග්ලාදේශ නායිකාව විසින් සිය ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමට ද කටයුතු කළා.(දර්ශන පහතින්)

මාස 24 ක කාලයක් තුළ ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ දඩුවම් ලකුණු ප්‍රමාණය 4ක් දක්වා ඉහළ ගිය විට එය අත්හිටුවීමේ ලකුණු 2ක් බවට පරිවර්තනය වන අතර, එහිදී එක් ටෙස්ට් තරගයක් හෝ සීමිත පන්දුවාර තරග 2ක් තහනම් කිරීම සිදු වනවා.

සිය වරදවල් හා ලබා දුන් දඩුවම් ඉන්දීය නායිකාව විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

ඇයට ලබා දුන් තහනම හේතුවෙන් ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව හර්මන්ප්‍රීට් කොවුර්ට අහිමි වනු ඇති.

https://twitter.com/Rnawaz31888/status/1683826413965545472

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...