මූල්‍ය අවභාවිතා චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු ; ඔප්පු කරොත් ඉල්ලා අස් වෙන බව කියයි

Date:

නළු නිළියන්ට හෝ සිය පවුලේ හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බවට සනාථ කළ හැකි නම් හෙට දිනයේ දී වුවද තමා ඇතුළු නිළධාරීන් සිය ධූරවලින් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. ඒ, කොළඹ අද(25) පැවැති මාධ්‍ය හමුවකදීයි.

“මේක තනිකර බොරුවක්. මේකෙ ශත 5ක් අපි කිසිම නිලියකට, කිසිම පවුලේ හිතවතෙකුට වියදම් කරලා නැහැ.” යනුවෙන් සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියා.

“ලෝකෙ අනිත් රටවල් ගත්තොත්, ඉන්දියාවෙ බොලිවුඩ් ස්ටාර්ස්ලා ඇවිල්ලා සපෝර්ට් කරනවා. ඒකට දායකත්වය දුන්නම තමයි ඒකෙ ඇට්‍රෑක්ෂන් එක එන්නේ. සමහර මාධ්‍ය අපේ උප සභාපති ජයන්ත ධර්මදාස මහත්තයාට ගහනවා නිළියොත් එක්කයි නළුවොත් එක්කයි ඉන්නවා කියලා. ඒ මහත්මයා හිටපු සභාපති ෆිල්ම් කෝපරේෂන් එකේ. එයා නළු නිළියො ආශ්‍රය කරන්නේ නැතුව හිරකාරයෝ ආශ්‍රය කරන්නද? සමහරුන්ට ඊර්ෂ්යාවක් තියෙනවා මේ එක එක්කෙනාව දැක්කම. මම විශ්වාසනීයව කියනවා අපි ශත 5ක් මේ එක්කෙනෙක්ටවත් වියදම් කරලා නෑ. කවුරු හරි අද අපිට ඔප්පු කරොත් අපි ශත 5ක් නිළියන්ට, අපේ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් වියදම් කරලා තියෙනවා කියලා අපි හෙට අස් වෙනවා.

“හේෂා විතානගේ මන්ත්‍රීවරයා මම ළගදි තමයි දැක්කේ. අහිංසක මන්ත්‍රීවරයෙක්. එයාට තේරෙන්නේ නෑ කෙටුම්පතයි විගණකාධිපතිගේ වාර්තාවයි අතර වෙනස. ඔක්කොටම ඉස්සෙල්ලා කෙටුම්පතයි විගණකාධිපතිගේ ෆයිනල් වාර්තාවෙයි වෙනස තෝර ගන්න එපැයි මන්ත්‍රීවරයෙක් වුණාම. මේ එක එක්කෙනාගේ ප්‍රතිපාදන හරි මොනව හරි හම්බෙලා කතාකරන එකනෙ ඒගොල්ලන්ගෙ වැඩ.

“මේක ඩ්‍රාෆ්ට් එකක්, මේක එවලා තියෙන්නේ කොන්ෆිඩෙන්ෂල් ඩ්‍රාෆ්ට් එකක්. මේක කොතනින් හරි ලීක් වෙලා තියෙනවා. මේක ක්‍රීඩා අමාත්‍යංශයට තමයි එවලා තියෙන්නේ. මේක ක්‍රීඩා අමාත්‍යංශයෙන් අපිට එව්වා මෙච්චර කාලයක් ඇතුළත උත්තර දෙන්න කියලා; උත්තර කියන්නේ මේකෙ ඒගොල්ලන්ගෙ ප්‍රශ්න තියෙනවා ඒව මේව කරන්න (උත්තර දෙන්න) කියලා. ඒක තමයි ඔය දාලා තියෙන්නේ.  ඒකෙ කිසිම තැනක නෑ අපි අපේ හිතවතුන්ටයි නිළියන්ටයි කාටවත් වියදම් කරා කියලා. අපි ලියුම් දීලා තියෙනවා. මේ ඔක්කොම නලු නිළියො අපේ අනිත් මැච්වලටත් ඇවිල්ලා මේව (සහාය දක්වනවා) කරනවා. අපි ඒගොල්ලන්ට ලියුමක් දීලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ක්‍රිකට් බෝර්ඩ් එකේ ශත 5ක් අපි කාටවත් වියදම් කරලා නෑ. අපි වියදම් කරලා තියෙන්නේ අපේ එක්ස්කෝ (විධායක කමිටුව) සාමාජිකයින්ට ශතේට අමාත්‍යංශ අනුමැතිය ඇතිව අපි වියදම් කරලා තියෙන්නේ.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා ද මෙහිදී අදහස් පල කළා.

“මම කටවහගෙන ඉන්නේ ඇයි කියලා හිතයි. අර සභාපතිතුමා කිව්වා වගේ ක්‍රිකට් ආයතනයෙන් ශතයක්වත් වියදම් කරලා නැහැ. ඔය කියන ගමන් මම ගිහිල්ලත් නෑ. ඒගොල්ලෝ එක්ක ගිහිල්ලාත් නෑ ඒගොල්ලෝ එක්ක ඇවිල්ලත් නෑ. ඒක නිසා මේක සම්පූර්ණ අසත්‍යයක්. ඔතන බෝර්ඩ් එකට (ක්‍රිකට් ආයතනයට) එන්න සමහරුන්ගේ තියෙන කැමැත්ත නිසා; මේ මුදල් වියදම් කරන්න තියෙන කැමැත්ත නිසා තමයි මේ එන්න හදන්නෙ.”

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති බව කියන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...