එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණ යළි වෙනස් වෙයි

Date:

නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(25) නිවේදනය කළා.

ඒ අනුව එහි පිතිකාරිණියන් අතර පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ Natalie Sciver-Brunt සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, චමරි අතපත්තු එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණ හිමි කර ගැනීමෙන් සති දෙකකට පසුව පසුගිය සතියේ දී එහි පෙරමුණට පැමිණි ඕස්ට්‍රේලියාවේ Beth Mooney තෙවැනි ස්ථානය දක්වා ඇද දමමින්.

ඔස්ට්‍රේලියාවට එරෙහි අළුබදුන එක්දින තරගාවලියේ දී ලකුණු 271 ක් වාර්තා කරමින් 135.50 ක ඉනිමක සාමාන්‍යක් සටහන් කර ගනිමින් Natalie Sciver-Brunt දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙනුයි ඇය දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානයට පත්ව ඇත්තේ.

තෙවැනි ස්ථානයේ රැදී සිටි චමරි අතපත්තුට මේ වන විට එක්දින පිතිකාරිණියන් අතර දෙවැනි ස්ථානය හිමිව තිබෙනවා.

Natalie Sciver-Brunt ට ශ්‍රේණිගත ලකුණු 803 ක් ද, චමරි අතපත්තුට ශ්‍රේණිගත ලකුණු 758 ක් ද, Beth Mooney ට ශ්‍රේණිගත ලකුණු 754 ක් ද හිමියි.

එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ පසුවන්නේ ද එංගලන්තයේ Natalie Sciver-Brunt.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...