අධික වැසි නිසා දෙවැනි දිනය පන්දුවාර 10 කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට පමණක් සීමා කරමින් නිමා කිරීමට සිදු වුණා.

පෙරවරු 10ට ආරම්භ කෙරුණු තරගය පෙරවරු 10.45 ට පමණ වර්ෂාව හේතුවෙන් නතර කෙරුණු අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

අද ක්‍රියාත්මක වූ පන්දුවාර 10 තුළදී පාකිස්තානය ලකුණු 33 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව දිනය ආරම්භ කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය අද දිනය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 178 ක්. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පාකිස්තානය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 12 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 87 ක් ද, බාබර් අසාම් ලකුණු 28 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් ලකුණු 6 කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. කෙසේ වෙතත්, අනතුරුව අබ්දුල්ලාහ් ශෆික් හා ශාන් මසූඩ් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 108 (117) ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

මසූඩ් ලකුණු 51 කට දැවී ගියේ ද අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි. ඔහු ලකුණු 10 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට අසිත සමත් වූ නමුත්, එය දැවී යාමක් ලෙස විනිසුරු ප්‍රකාශයට පත් කළේ නැහැ. ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද එහිදී යොදා නොගත් බැවින් ශ්‍රී ලංකාවට එම කඩුල්ල අදාළ අවස්ථාවේ දී දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...