වැස්ස නිසා ඉන්දීය බලාපොරොත්තු සුන් වෙයි

Date:

වර්ෂාව හේතුවෙන් තරගයේ අවසන් දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(25) අලුයම ජය පරාජයෙන් තොරව නිමා වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ඉන්දියාව ජය ගත් නමුත්, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති මෙම තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය ලබමින් ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගැනීමට ඉන්දියාව තබා තිබූ බලාපොරොත්තු සුන් වුණා.

තරගයේ සිව්වැනි දිනය නිමා වුණේ තරගයේ වැඩි පාලනය ඉන්දියාවට හිමි කරමින්. ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 365 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 76 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා කොදෙව්වන් තවත් ලකුණු 289 ක් ලබා ගත යුතුව තිබූ අතර, ඉන්දියාව දවා ගත යුතුව තිබූ කඩුලු ගණන 8 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ටැගනරීන් චන්ද්‍රපෝල් ලකුණු 24 ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 28 කට දැවී ගිය අතර, Kirk McKenzie ලකුණු නොලබා දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින් විසින්.

ට්‍රිනිඩෑඩ්හි Port of Spain හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 438 ක් රැස් කළා. විරාත් කෝලි ලකුණු 121 යි. පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජොමෙල් වොරිකන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 255 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 75 (235) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 60 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. රෝහිත් ෂර්මා ලකුණු 57 (පන්දු 44) ක් ද, ඉෂාන් කිෂන් පන්දු 34 කින් නොදැවී ලකුණු 52 ක් ද රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...