ආසියානු ක්‍රීඩා උළෙලට පාකිස්තාන කාන්තා සංචිතය නම් කෙරේ

Date:

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන කාන්තා සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

Nida Dar ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

ජාතික සංචිතය සදහා පළමු වරට Anoosha Nasir හා Shawaal Zulfiqar කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ආබාධයකට ලක්ව සිටි Diana Baig ද යළි සංචිතයට නම් කර තිබෙනවා.

මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූ 2010 හා 2014 වසරවලදී රන් පදක්කම දිනා ගැනීමට පාකිස්තානය සමත් වුණා.

2023 ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හී දී සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Squad: Nida Dar (c), Aliya Riaz, Anoosha Nasir, Diana Baig, Fatima Sana, Muneeba Ali, Najiha Alvi, Nashra Sundhu, Nataliya Parvaiz, Omaima Sohail, Sadaf Shamas, Shawaal Zulfiqar, Sidra Amin, Syeda Aroob Shah and Umm-e-Hani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...