ඉන්දියාව පරදා ආසියානු නැගී එන ශූරතාවය පාකිස්තානයට

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය A කණ්ඩායම පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 352 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකරුවන් වූ Saim Ayub ලකුණු 59 ක් හා Sahibzada Farhan ලකුණු 65 ක් රැස් කරමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය 121 ක්.

කෙසේ වෙතත්, පාකිස්තාන ඉනිමේ කඩුලු 5ක් ලකුණු 187 ක් තුළ දැවී යාමෙන් පසුව සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට අංක 4 පිතිකරු Tayyab Tahir සමත් වුණේ පන්දු 71 කින් ලකුණු 108 ක් වාර්තා කරමින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Rajvardhan Hangargekar හා Riyan Parag කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.

Abhishek Sharma ලකුණු 61 ක් රැස් කළ අතර, Yash Dhull ලකුණු 39 යි.

පන්දු යැවීමේ දී Sufiyan Muqeem කඩුලු 3 ක් දවා ගත් අතර, Arshad Iqbal, Mehran Mumtaz හා Mohammad Wasim කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...