වර්ෂාව හමුවේ එංගලන්තයෙන් යළි අළුබදුන සිහිනය බොද වෙයි

Date:

වර්ෂාවෙන් සිදු වූ දැඩි බලපෑම හමුවේ අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මැන්චෙස්ටර්හී දී පැවැති සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව අද (23) නිමා වුණේ අළුබදුන ශුරතාවය දිනා ගැනීමේ බලාපොරොත්තු යළි එංගලන්තයට අහිමි කරමින්.

තරගයේ අවසන් දිනය වූ අද දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා. ඒ අනුව තරග 2-1 ක් ලෙස තවදුරටත් අළුබදුන තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන් මෙවර අළුබදුන තරගාවලිය ද ජය ගැනීමේ අවස්ථාව එංගලන්තයෙන් ගිලිහී යාමත් සමග අළුබදුන ශූරතාවය තවදුරටත් තමන් සන්තකයේ රදවා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඊයේ දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 61 ක් ලබා ගත යුතුව තිබූ අතර, තරගය ඉනිමකින් ජය ගැනීම සදහා එංගලන්තයට අවශ්‍යව තිබුණේ කඩුලු 5ක් පමණයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මර්නස් ලබුෂේන් ලකුණු 111 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. මිචෙල් මාෂ් නොදැවී ලකුණු 31 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 3යි.

උස්මාන් කවාජා ලකුණු 18 කටත්, ඩේවිඩ් වෝනර් ලකුණු 28 කටත් දැවී ගියා. ස්ටීවන් ස්මිත් ලකුණු 17 ක් රැස් කළ අතර, ට්‍රැවිස් හෙඩ් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා ජෝ රූට් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 30 ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 317 ක්. මර්නස් ලබුෂේන් හා මිචෙල් මාෂ් ලකුණු 51 බැගින් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 62 කට කඩුලු 5ක් දවා ගත්තා.

අනතුරුව එංගලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 592 ක්. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සැක් ක්‍රව්ලි පන්දු 182 කින් ලකුණු 189 ක් රැස් කළා. ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 99 ක් හා ජෝ රූට් ලකුණු 84 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 126කට කඩුලු 5 ක් දවා ගත්තා. මිචෙල් ස්ටක් හා කැමරන් ග්‍රීන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...