නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(19) නිවේදනය කළා.

ඊට අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට යළි පිවිසීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මා සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශතකයක් වාර්තා කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ පළමු ඉනිමේ දී රෝහිත් ලකුණු 103 ක් රැස් කළා. ඒ අනුව ඔහු පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 3කින්.

සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් කොදෙව්වන්ට එරෙහිව ලකුණු 171 ක් රැස් කළ යශස්වි ජයිස්වාල් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත්ව ඇත්තේ එහි 73 වැනි ස්ථානය දිනා ගනිමින්.

පළමු ටෙස්ට් තරගයේ දී කඩුුලු 12 ක් දවා ගත් රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව තිබෙනවා.

එම තරගයේ දී කඩුලු 5ක් බිද හෙලූ රවීන්ද්‍ර ජඩේජා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...